නුඹ මගෙන්
ණයට ඉල්ලාගත්
හිනාව
ඇයි තාම ගෙනැත් දුන් නැත්තේ....
මම අසරණවෙලා
ඇත්තමයි
දකින දකින හැමෝම
මගෙන් අහන්නේ ඒ ගැනමයි
ඉතින් මට කට ඇරල කිවුවැහැකිද
මම ඒක ණයට දුන්නා කියලා
මම ගිණි පොළි කරයෙක් නෙවෙයි
ඇත්තමයි
ඒත් මම ඉල්ලනවා වැල් පොළියක්
මගේ හිනාව ආපහු දෙනකොට
නුඹ ගෙනැත් දෙන්න කියලා

Comments

  1. හිනාව නම් ඔහොම තමා....
    අපිට ඕනෑ වෙලාවට
    කවුරු හරි ඉල්ලාගෙන යනවා.....
    .ඒකටත් එක්ක කඳුල...
    හැමවෙලේම අපි එක්ක.....
    කවුරුවත් ඉල්ලනෙත් නෑ.....
    කාටවත් ඕනෑත් නෑ.......

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්.. පොළිය ටිකක් වැඩියි වගේ.. මමත් කාලයක් තිස්සෙ අඩමාන ණය විදියට සලකළා හිටියේ. පස්සේ කොහොම හරි බොල් ණය ලෙස ම කපාහරින්නවුණා..ජීවිතේ හැටි එහෙම තමා...
    ජයවේවා!!!

    ReplyDelete
  3. කමක් නෑ වෙන කාගෙන් හරි හිනාවක් සේරා ගන්ඩ, පව් නෑ.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා