ගැහැණියක්...

දිදුළන කෙස් කළඹක්
සුසිනිදු පැහැපත් සමක්
වෙන්න පතනා රුවැති ළඳක්...
කිසිදා නොවෙනස් වන ආදරයක්
පතන පෙම්බර යුවතියක්...
දෙමහල් නිවසක්
උගත් බුද්ධිමත් දරුවෙක්
යවන්නට ජාත්‍යන්තර පාසලක්
සොයන මොඩ් වුනු මවක්...
බිදෙන හිතක්
හඬන නෙතක්
සුසිදු වතක්
සියල්ලට කොටුවි
විදිනවද
විදවනවද
ගැහැණියක්...

Comments

  1. තමන් වෙනුවෙන් හැම දෙයක්ම උසස්ම මට්ටමින් සිදුවීම අපේක්ෂා කිරීම මිනිස් ස්වභාවය.
    ඒත් ඒ සිහින අතර සමහරු සැබැවින් විඳීමත් සමහරු විඳවීමත් උරුම කරගන්නව.
    සියල්ලම සාපේක්ෂ ජීවන ආශාවන් නිසයි.

    නියමයි අදහස...

    ReplyDelete
  2. අවශ්‍යතා හා වුවමනා අතර කැරකැවෙන ජීවිතය......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා