අකාසේ තරු නිවිලා
සඳවතියත් සැඟවිලා
අඳුරු වළා කැටි අස්සෙන්
රිදී පාට ඉරි වැටිලා....

බින්දු බින්දු පොද වැටිලා
රත් වුනු වැලි කැට තෙමිලා
ගහ කොල මල් පිබිදිලා
වැස්ස ඉතින් දැන් වැඩලා...

දොස් අහලා
දෙස් වැදිලා
කර්කෂ වූ හද දැකලා
දැවෙනා ගිනි නිවාලන්න
ඇවිදින් අද නැවුම් විලස...

Comments

  1. ඇස්වලට විවේකයක් දෙන්න.....වලකුලක් ඇවිත් වසාගෙන හඳ......

    ReplyDelete
  2. තරු නිවිලා අදුරු වෙලා
    සරා සදත් නිහඩ වෙලා
    පාලු අහස දෙසම බලා
    සිතක් හඩයි කදුලු සලා

    වැස්ස වැටෙයි පොළව තෙමෙයි
    කදුලු බිංදු සේදිල යයි
    අලුත් හෙටක් ලගදිම එයි
    එදිනක නුඹ යළි හිනැහෙයි....

    ReplyDelete
  3. හ්ම්...ලස්සනයි...
    ජයවේවා!!!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි හැමෝටම

    ReplyDelete
  5. This is the same sky again
    which we had on that day....

    Now it is wrapped with romantic blue robe....

    Flowers are blooming and dancing
    with cold wind in the spring....

    Even though birds are singing poems of love.............

    Spring of our hearts
    are not ended yet............

    ReplyDelete
  6. වැස්සත් බණින
    නොවැස්සත් බණින
    මනුස්සයා වර්ගයාට
    නැවත නැවතත්
    ජීවිතය දෙන්න
    ඇවිත් නුඹ
    වැස්ස,,,,,,

    (ලස්සනයි ඔයාගේ කවි සිතුවිල්ල)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා