පිහිට වෙන්න දෙවියනේ
(යමපල්ලෙක් කීය)


කටු ගහේ උල් ටික
පදමට හැදි
ලා...
ලෝ දිය මුට්ටිය
සේරම හිඳිලා...
අසුචී වළවල්
ඔක්කොම වැහිලා...
අපාය දැන් නම්
හොඳටම පිරිලා...
යම පල්ලන්ගේ
වැඩ වැඩිවිලා...
රජ්ජුරුවොත්
දැන් හෙම්බත් විලා...
මැරෙන මැරෙන අය
මෙහෙ ඇවිදිල්
ලා...
දඬුවම් දිලාම
දැන් ඇතිවිලා...
අනේ දෙවියනේ
අපේ දුක දැකලා....
තවත් අපායක්...
වෙනමම හදලා
අනිත් නරයෝ ටික
එහාට යවලා...
පිහිට වෙන්න දැන්
කියනෙමි වැඳලා....

Comments

  1. හදන්න දෙයක් නෑනෙ......ඔය තියෙන්නේ ලංකාව........පංකාදු පහට......අපාය ගෙදරටම ගෙනවා වගෙනෙව...:(..

    ReplyDelete
  2. Shadow,
    ඒකත් ඇත්ත .

    ReplyDelete
  3. හ්ම්...අපූරු නිර්මාණයක්...
    අපායවල් හතරක් තියෙලු..(අසුර, ප්‍රේත, තිරිසන්, නිරය )
    මේ හැම එකක ම දැන් ලෝඩ් එක වැඩිවෙලා ඇත්තේ...මේවට ගියොත් ඉතින් ආපහු එන එක ලෙහෙසි නෑ...
    ජයවේවා!!!

    ReplyDelete
  4. ලංකාව ගැන ලියවුණු හොඳම මම කියවපු හොඳම කවිය...

    ReplyDelete
  5. Sampathji, Outsider,
    බොහෝම ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා