දනුෂ්ක මිතුරාගෙන් කතරගමටගොස් පැතුම් පුරෝගෙන මතකයි දෙවියන් දෙස බැලුවා නෙතක සුපිපි දුක් කඳුලැල් අරගෙන දෙවියන් පහනට වත් කරලා කොනක එදා හදපතුළේ රිදුම් දෙන අහිමි සෙනේ කැන් සිහිකරලා දෑත නළලේ බැඳ කෙලෙස වදින්නද ගලන කඳුළු කැට පිස දමලා වැහිදිය වැටුන ගන් ඇළ දොළ නපුරු වෙලා යායට පිපුනු අන්දර මල් මිලින වෙලා පන්හිඳ නුඹට කවියට පස මිතුරු වෙලා සුන්දර කියපු ලෝකය අද එරෙහි වෙලා දුක් කම්කටොළු දුරු කර හෙට හිනැහෙන්න හිරු සඳ ඒතී ලොවසතුටින් ඉපිලෙන්න මෙ ජිවිතෙන් ගැළවිමට ඔබ දන්න කියන්න මඟක් මට මිතුරිය මියදෙන්න තනිකම් පිරි ජිවිතයේ දුටු සිහිනය බොද වෙනවා නොකා නොබී පැතුව පැතුම් ඇස අද්දර වැනසෙනවා සසර කරපු පවු පල දී මෙ ලොවම විඳවනවා අහිමි සතුට සිහිකරමින් කඳුළු බි බී වැළ පෙනවා මේ යාළුවා මේ කවි දකින් නැතිවෙයි. එත් ඒ කවි විදින මම වගේම මෙ කවි බලන හැමෝමත් එයාගේ හිතේ විඳවන දුක නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඒයා ජිවිතේ හුඟක් විඳවන කෙනෙක්. අපි කාටවත් ඒ දුක ගන්න බෑ. එයා තනිවම විඳවනවා.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ සතුට.
Posts
Showing posts from July, 2010
- Get link
- X
- Other Apps
ඊයේ එහෙ මෙහේ අවුස්සද්දි මම ලියපු පරන පොතක් හම්බවුනා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ මම ඒ කලේ කියවපු පොත් වලින් උපුටාගත්ත දේවලුයි, ඒ ගැන මට හිතුන දේවලුයි තමයි. මම හිතුවා ඒ උපුටා ගැනීම් ටිකක් බොලොග් එකට දාන්න. කියවලා බලලා තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගන්න.සමහර විට මෙ පොත් කියවලත් ඇති. මෙවා මතකද කියලා බලන්නකෝ.... තැවුල් සිත: කොහේහරි දූපතක තිබිලා කෙනෙකුට ඔරලෝසුවක් හම්බවුනා කියලා හිතන්න.මේ ඔරලෝසුව කවුරුත් හදපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් ඉබේ පරිනාමය වෙච්ච එකක් කියලා කවුරුහරි කියනවනම් ඒ මිනිහා පිස්සෙක් කියලයි සළකන්නේ.ඒ වුනාට නවින විද්‍යාවට අනුව විශ්වය පරිනාමය වෙලා තියෙන්නේ. ඒ විදියට එතකොට විශ්වය කියන්නේ ඔරලෝසුවට වඩා සරළ දෙයක්ද? සිඳුනු තටු: ප්‍රේමය පහළ වීමට දිගු ඇසුරක් සමීප සම්බන්ධතාවයක් අවශ්‍යය යැයි සිතිම මුළාවකි. එය පහළ වන්නේ ක්ෂණ මාත්‍ර වූ යම් මොහොතකය. අධ්‍යායාත්මයෙන් අන්‍යෙන්‍යය වශයෙන් හඳුනා ගනිත් ද ඒ මොහොතෙහි පහළ වන ප්‍රමෝදය කෙරෙන් ප්‍රේමය පහළ වේ.ඒ විනා කෙතරම් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනාවක් ඇසුරු කළත් සැබෑ ප්‍රේමය පහළ නොවේ. අපූගේ ලෝකය: මේ දිනවල මට සිතෙන්නේ අ...
- Get link
- X
- Other Apps
අමාවකට නුඹ බලන්න සඳවතියේ මම ආවා සිත් අහසේ සැඩ කළුවට බිය වී මම ඉකි ගැසුවා නුඹේ මතකය සිහිකරන්න එවා තිබුණු තරුකැට ටික අතුරාලා වළා අතර උන්නෙමි මම හුදෙකලාව දෑස් පියා සවන් යොමා රැහැයි ගීත මා ඇසුවා ගත සතපා නෙත නොනිදා නුඹ බලන්න මම සිටියා කොපුල් මතින් රූරා යන කඳුළු බින්දු පිසදාන්න... නිදා වැටෙන මල් කුමරියෝ සිනාවකින් පුබුදුවන්න... වල්මත් වුනු සිත් අහසේ ඝන කළුවර දුරුකරන්න... පෝය දාට නොවෙයි අදම මගේ අහසට නුඹ වඩින්න...
- Get link
- X
- Other Apps
සඳ කොමළිය හින් සැරේ වළා යටින් එබුනා නිල් තරු කැට අහස පුරා රටාවකට දිලුනා කොඳ මල් මදහාස නගා විකසිත වී බැලුවා ආදරයෙන් මුලු ලෝකය වට කොට මා සිටියා නෙත දොවලා කඳුළු බින්දු පිනි කැට වී වැටුනා නළඟන විත් හෙමින් සැරේ සිහිල දෙමින් එතුනා ගහ කොල වැල් නිහඬ වෙලා තනියට ළඟ හිටියා උනුහුම් ඔය ළය මඩලේ සෙනෙහස මට දැනුනා මල් මඳහස දෙතොල් පුරා හීන් සැරේ ඇදුනා දෙනෙතේ ඔය ලියවුන කවි පද සේරම පෙනුනා වස්සනේ සිහින කුසුම් සොඳුරු වෙලා පිපුනා හදවත තුල සෙනෙහස ගඟ දෙගොඩ තලා ගැලුවා
- Get link
- X
- Other Apps
හුරැ නැතුවට කඳුළු බින්දු දෑස් අගින් වැටුනා... සඳ තරු මල් මිලින වෙලා අඳුර ඇවිත් එබුනා... පෙර දින අප හමුවූ තැන් නුපුරැදු වී දැනුනා ... ආ ගිය මoමතක තුළින් විරහි හිත හැඬුවා... පන්හිඳ තුඩ ලියවුනු කවි පද සේරම මැකුනා... බොඳවුන ඒ හීතුළින් මට තනිකම දැනුනා... මිරිඟුවකට රැවටි කිම ගියෙදෝ ඇයි සිතුනා... යළි කිසිදා නොයෙනා බව දැන දැන සිත හැඬුවා...