පිපි තඹර පෙති විදා
හිනැහිලා බලනවා...
විසිරිලා නුඹේ සුවඳ
මද පවන එතෙනවා...
ඒ සුසුම් සුවඳ වැද
කෙහෙරැළිත් නටනවා...
සොඳුරු වු වසන්තේ
මිහිර තව දැනෙනවා...
සියොතුනුත් ගී ගයා
ලොව අසිරි කියනවා...
දැවටිලා නුඹ ළඟින්
ඒ අසිරි විඳිනවා...
නුඹේ දෑස් මත එබී
මා දෑස් සොයනවා...
හද පුරා කුරුටු ගා
ආදරේ ලියනවා...
සොඳුරු ආදරය ,
ReplyDeleteහැමවිටම
ගෙනෙනවා වසන්තය
සිත් කැදැලි මතට . . .
අපූරු පැබැදුමක් . ඔබට ජය . . .
හැමදාමත් වගේම ලස්සනයි අක්කේ...
ReplyDeleteලස්සනයි අයේෂා.
ReplyDeleteමැණික්
හ්ම්ම් ලස්සනයි.
ReplyDeleteමම නම් හිතන්නේ.... වසන්තය කියන්නේ ..ආදරයටයි.
ReplyDeleteලස්සන පද වැලක්..අයේෂා
ජීවිතේ හැමදාම වසන්තය තිබේවා! නංගියේ. අපි කොච්චර වයසට ගියත් සොඳුරු සිත් ඇති අය හැමදාම සුන්දරව ඉන්නවා කියල මම හිතනවා. ආදරය ඇති හදවත් හැමදාම සුන්දරයි.
ReplyDelete"නැත ලොවේ අන් කිසි තැනා - ආදරය මෙන් සුව දෙනා"
ReplyDeleteදෙමග ගිය දෙසිත ..
ReplyDeleteඑක මගක යනදා
පර්යාය පදය ''ආදරය''