සොඳුරු වු වසන්තේ

පිපි තඹර පෙති විදා
හිනැහිලා බලනවා...
විසිරිලා නුඹේ සුවඳ
මද පවන එතෙනවා...
ඒ සුසුම් සුවඳ වැද
කෙහෙරැළිත් නටනවා...
සොඳුරු වු වසන්තේ
මිහිර තව දැනෙනවා...

සියොතුනුත් ගී ගයා
ලොව අසිරි කියනවා...
දැවටිලා නුඹ ළඟින්
ඒ අසිරි විඳිනවා...
නුඹේ දෑස් මත එබී
මා දෑස් සොයනවා...
හද පුරා කුරුටු ගා
ආදරේ ලියනවා
...

Comments

  1. සොඳුරු ආදරය ,
    හැමවිටම
    ගෙනෙනවා වසන්තය
    සිත් කැදැලි මතට . . .

    අපූරු පැබැදුමක් . ඔබට ජය . . .

    ReplyDelete
  2. හැමදාමත් වගේම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  3. ලස්සනයි අයේෂා.
    මැණික්

    ReplyDelete
  4. හ්ම්ම් ලස්සනයි.

    ReplyDelete
  5. මම නම් හිතන්නේ.... වසන්තය කියන්නේ ..ආදරයටයි.

    ලස්සන පද වැලක්..අයේෂා

    ReplyDelete
  6. ජීවිතේ හැමදාම වසන්තය තිබේවා! නංගියේ. අපි කොච්චර වයසට ගියත් සොඳුරු සිත් ඇති අය හැමදාම සුන්දරව ඉන්නවා කියල මම හිතනවා. ආදරය ඇති හදවත් හැමදාම සුන්දරයි.

    ReplyDelete
  7. "නැත ලොවේ අන් කිසි තැනා - ආදරය මෙන් සුව දෙනා"

    ReplyDelete
  8. දෙමග ගිය දෙසිත ..
    එක මගක යනදා
    පර්යාය පදය ''ආදරය''

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා