කවුද මේ පොලියානා

         පොලියානා කියන්නේ කතා පොතක චරිතයක්. එයා පුන්චි ගෑනු ළමයෙක්.එයා ජිවිතේ හුඟාක් කරදර වලට මුහුණ පානවා. හැබැයි එයා ඒ හැම වේලාවෙම සතුටෙන් ඒවා විදගන්න හදනවා. ඒ එයාගේ තාත්තා කියා දුන්නු "සතුටු වීමේ සෙල්ලමින්" තමා. තමන්ට ජිවීතේ ලැබෙන සෑම දුක් කරදරයක් දෙසම සුභවාදීව බලන එක තමා ඒ සෙල්ලමින් කරන්නේ. එයා හැම ප්‍රරශ්නයකම සතුටු වෙන්න පුලුවන් පැත්තකුත් හොයා ගන්න එක තමා කරන්නේ. 
     
එයා මේ සෙල්ලම කරනවා. ඒ  වගේම එයා අදුරන දන්න හැමෝටම ඒ ගැන කියලා දෙනවා. මේ සෙල්ලම කරන්න හුඟාක් අමාරුයි සමහර අවස්තා වලදී. ඒත් කොහොමහරි දක්ෂ විදියට මේ සෙල්ලම කලොත් දිනන්න පුළුන් ජීවිතයම. එයා මුලින්ම මේ සෙල්ලම පටන් ගන්නේ එයාට බෝනික්කෙක් ඔනේ වෙලාවක එයාට ලැබෙන්නේ කිහිලිකරු 2ක් . ඒ ගැන සතුටු වෙන්න එයාගේ තාත්තා කියලා දුන්නා. ඒ සෙල්ලමින් කරන්න්නේ හැම දෙයකම තියෙන මොකක් හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක.පොලියානගේ කකුල් 2 කැඩෙනවා. එයාට ඇවිදින්න බැරි වෙනවා. එයාට ඒ වෙලාවේ මේ සෙල්ලම කරන්න හුඟාක් අමරු වෙනවා. ඒත් අන්තිමට එයා ඒක කරනවා. එයා සතුටු වෙනවා ඇවිදින්න බැරි වෙච්ච එක ගැන. එහෙම නැත්තම කවදාවත් කකුල් කියන්නෙ කොයි තරම් අපූරු දෙයක්ද කියලා තේරෙන එකක් නෑ කියලා හිතලා එයා සතුටු වෙනවා.

   සෝවාන් නොවුනු අපිට සතුට කියලා සදාකාලීක දෙයක් හදා ගන්න බෑ. එත් ජිවිතේ සමර වෙලාවට අපි කරන්නේ අපිට සිද්ද වෙන දේවල් වල දුකමයි අපිට පේන්නේ.අපි හරි අතෘප්තියෙන් ජීවත් වෙන්නේ. මොකක් හරි දෙයක් සිද්ද වුනොත් හිතනවා අනේ ඇයි මට මෙහෙම වුනේ මම කොච්චර කරුමක් කාරයෙක්ද? පව් කාරයෙද? අනේ මට මීට වඩා දෙයක් ලැබුනානම් කොච්චර හොඳද කිය කිය දුක් වෙනවනේ. ඒත් පොලියානා වගේ හිතන්න පුළුවන් වුනා නම් අපිට කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද.


      පොලියානා එලීනර් එච් පොඉටර් විසින් තමා රචනා කරලා තියෙන්නේ. කත්‍යානා අමරසිහ විසින් තමා සින්හලට පරිවර්තනය කරලා තියෙන්නේ. මේක පොඩි කලේ මම කියවපු පොතක්. එත් මේ ළඟදි දවසකත් මම ආයේ එක කියෙව්වා. ඔයාලත් කියවලා බලන්නකො.

Comments

  1. පොලියානා පොත් දෙකක පරිවර්තන මම කියවලා තියනවා.හරිම ලස්සන, එක දිගට කියවගන යන්න ආසහිතෙන පොත්..

    ReplyDelete
  2. කියවලනම් නෑ. ඒත් දැකල තියෙනව.
    ඔයාගෙ විස්තරය නියමයි..

    ReplyDelete
  3. මන් නම් සෙට් එකම කියවවුවා. ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙන්වා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් කියවන.

    ReplyDelete
  4. මමත් මේක කියවලා නම් නෑ.. දැකලා තියෙනවා.

    අපේ ඉස්කෝලේ ටීච කෙනෙක් පොලියානා පොත තියාගෙන ඉන්නවා දැකලා එදා ඉඳලා අපි එයාට කිවුවේ "පොලියානා" කියලා.. :D

    ReplyDelete
  5. සර්ව සුභ වාදීව වත්, සර්ව අසුභ වදීව වත් හිතන්නෙ නැතිව යතාර්ථ වාදීව සිතන එක තමා හොඳ...

    ReplyDelete
  6. මාත් කියවලා නම් නෑ.
    ඒත් දිල් ගේ පෝස්ට් එකකදි මේ නම දැකලා තිබුනා.
    මටත් දවසක් එක්තරා බුද්ධිමතෙක් කිව්වා
    - කලකිරෙන එක නෙමෙයි කරන්න ඕන..අවබෝධ කර ගන්න එකයි - කියලා.
    ටී.බී ට 100ට 200ක් එකගයි.

    ReplyDelete
  7. දැන් නම් ඔයවගේ කතාවක් මතකයට එනවා. ඒත් පොත කියවලා නැහැ. ස්තුතියි විස්තරයට.
    මැණික්

    ReplyDelete
  8. පොලියාන පොත් තුනක් තියෙනවා. මම එදිනෙදා ජීවිතේදී ''සතුටු සෙල්ලම '' කරන කෙනෙක් . මගේ දුලට ඉංග්‍රීසි පොත ගෙනත් දුන්න . හැමෝම කියවිය යුතුම පොතක් . මම කවදාවත් ඔය මහා ලොකු උපදේශාත්මක පොත් කියවන්නේ නැහැ. ඒ බක පණ්ඩිත පොත් වලට වඩා පුංචි පොලියානගේ සෙල්ලම තුල ලොකු ජිවන දර්ශනයක් තියෙනවා.
    පොලියානා 1 සහ දෙක , ජිමි සහ පොලියානා.

    ReplyDelete
  9. මමත් කොහොම හරි මේ පොත් ටික හොයාගෙන කියවන්ඩ ඕනි. යාළු ඔයාගේ පොස්ට් එකේ ඒ පොත ඔයාගෙ හිතට වැදුණු විදිය මේ තරම් රසවත් නම් අනිවාර්‍යයෙන්ම පොත ඊටත් වඩා රසවත් ඇති.

    ReplyDelete
  10. මාත් ආසම පොතක් සතුට බෙදන පොලියානා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog