මොන මඟුලක්ද.....?

මෙහේ බලන්න
තව හැරෙන්න
තව පොඩ්ඩක් හිනා වෙන්න
බුලත් දෙන්න
දැන් වඳින්න
තව පොඩ්ඩක් ළඟට වෙන්න
4ටෝ එකේ හැඩට ඉන්න
video එක කොලිටි වෙන්න
මගුල් දාට අපි ගහනා
බෙර පදයට ඔබ නටන්න
සිරිත් විරිත් හරි විදියට
කවදාවත් බෑ රකින්න
ලෝකෙට ඕනෑ විදියට
ජීවත් වෙන්නට හිතන්න

තවරාගෙන පාට ජාති
අද හරියටවෙනස් වෙලා
උදේ හවස නුඹ දුටුවත්
අඳුරන්නට නොහැකිවෙලා
කුළ සිරිතට දීග යන්න
4ටෝ ජෙනික් හරස්වෙලා

Comments

  1. මේක දැක්කම වචනයක් නොලියාම බැරි උනා අයේෂා. මගෙ අක්කාගෙ දුවගෙ වෙඩින් එකේදි අපේ මහත්තයා මේ වාගෙ පොටෝ අරගන්න කෙනෙක්ට දොස්කිව්වා. හරිම වදයක් උනා මේ මිනිහා. අඩුම තරමේ පෝරුවේ චාරිත්‍ර කරන්නවත් මෙයා ඉඩදුන්නේ නෑ. හැම තැනම මැද්දට පැනලා හෙන කරදරයක් උනා. මේ අයට තියෙන්නේ පැත්තක ඉදලා එයාලගෙ කාර්‍යය කරන්නයි. අනෙක් අයට ඒ ඒ රාජකාරි කරන්න දීලා. ඇත්තටම ඔයාගේ දවස නම් සුබ පතනවා නංගි ඔයාට.

    ReplyDelete
  2. අන්තිමට ඉතුරු වෙන්නෙ පොටෝ ටික විතරයි ඕකෙන් පස්සෙ. ඒත් ඒ ඔක්කොම රඟපෑම් විතරයි. පහුවෙනිද ඉඳළ තිබුණු ජීවිතේමයි ටිකක් වැඩියෙන් ඔඵවට බර පැටවිලා.

    ReplyDelete
  3. අහා අපිටත් ඕකම වුනා . අපේ මාමණ්ඩි ගෙන් බැනුනුත් ඇහුව ෆොටෝ අන්කල් . හැබැටම පස්සේ නම් පව් කියල හිතුන . ෆොටෝ නරක වුනහමත් අපිමනේ බනින්නේ . හැබැයි ඇල්බම් දෙක හරි ලස්සනට කරලා තිබුන . ඉතින් මගුල්දාට ඔය වගේ කරදර ඉවසන්න ඕනේ . ජීවිතේටම එකයිනේ.

    ReplyDelete
  4. ඒක නේන්නම් මොන මගුලක්ද මේ? අපූරුයි අයේෂා පබැඳුම.
    මැණික්

    ReplyDelete
  5. අම්මපා ඖකනං මල මගුලක්ම තමා..... හිනාත් යනවා ඕක බලං ඉද්දි

    ReplyDelete
  6. ඕවට තමයි... ඇතුවත් බැරි නැතුවත් බැරි කියලා කියන්නේ.

    කොහොමත් ඉතිං..මගුලක් කියන්නේ...මල මගුලක්ම නේ.

    ReplyDelete
  7. මගුලක් අස්සේ තවත් මගුලක්..අපුරු පද පෙළ..:D

    ReplyDelete
  8. නියම ඡායාරූප ශිල්පියා සිද්ධියක් ඡායාරූප ගතකරන්නා මිස ඡායාරූපය සිද්ධියක් බවට පත්කරන්නා නොවේ...

    ReplyDelete
  9. මොනවා කරන්නද ෆොටෝ ගහන කෙනා බලන්න කලාත්මක පට්ටම පට්ට ෆොටෝ පාරක් ඇදලා දාන්නයි ..

    හෙහ් . සමහර ඇන්ටිලා බලෙන්ම ඇවිත් ෆොටෝ එකට පේන්න හිට ගන්නවා එහෙම වෙලාවට ඉතින් ෆොටෝ ගහන කෙනාට සොරිම තමයි ..

    අර කීවත් වගේ ෆොටෝ මෑන් අනික් අයට වදයක් නොවෙන්න වැඩේ කරන තරමට හොඳයි

    ReplyDelete
  10. මෙහේ බලන්න........ :D

    ReplyDelete
  11. හෙ හෙ.... ඕකට හොඳම විසඳුම තමා හොඳට හඳ පායලා තියෙන දවසක් බලලා පැනලා යන එක. එතකොට ඔය කරදර මොකුත් නෑ. :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා