~පිළිවෙතින් පෙළ ගැසෙමු~

බුදු සමිදු පාමුලේ
තබා මල් ආසනේ
පිපිලා පරවෙනා
බව කියයි ජීවිතේ

හුරු පුරුදු මාවතේ
හිත බැඳුනු ආදරේ
මියැදුනොත් යම් කෙනෙක්
වැළපේවී කෑගසා
ඉල්ලලා ජීවිතේ

අඬගසා ගම් දොරේ
ගසා හේවිසි අගේ
වඩමවා හිමි පුරේ
දෙවි දන් සුරපුරේ

යනෙන විට මහ මඟේ
දෑත් පා සිඟමනේ
දුටුවොතින් යන දනෝ
ඉවත යයි නෙත් අනේ
 දන් දුන්නු සිටුතුමෝ

ඇසෙයි දස දෙස දිගේ
පතුරුවා දම් රසේ
හිත තබා හිතු මතේ
පිළිවෙතින් පෙළ ගැසෙමු
තබා අත් නළලතේ


Comments

  1. අද වෙද්දි වැඩිපුරම සිද්ධ වෙන්නෙ බුදුන් වහන්සේවත්, බුද්ධ දර්ශණයත් මාර්කට් කිරීමක් විතරයි.
    ආගම කියන්නේ හදවතයි.

    ReplyDelete
  2. ලස්සන කවියක්.. අද සමාජයෙත් වැඩි පුරම වෙන්නේ ඕක තමයි රටට ලෝකෙට පේන්න පින් දහම් කරලා මොකද

    ReplyDelete
  3. Outsiderගේ අදහසට මාත් එකගයි.
    ආගම තියෙන්නේ හදවතේ.
    අද පිං කරන්නේ ලෝකෙට පේන්න විතරයි.
    ඒක තමයි අද ලොකුම විලාසිතාව.

    ReplyDelete
  4. හුරු පුරුදු මාවතේ
    හිත බැඳුනු ආදරේ
    මියැදුනොත් යම් කෙනෙක්
    වැළපේවී කෑගසා
    ඉල්ලලා ජීවිතේ

    ම්. ලස්සනයි. ඔන්න Outsiderගේ අදහසට මාත් එකගයි.
    මැණික්

    ReplyDelete
  5. දැං මිනිස්සු ආගම අදහන්නේ ෆැෂන් එකට නේ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා