මොහොතකට ආයේමත්

දුර ඈත ආකහේ
තරුවක්ව දිළිසෙන්න
පායලා හිනැහෙන්න
මොහොතකට ආයේමත්
ඇවිත් ළඟ නවතින්න

ඇවිත් ගිය ඉක්මනට
හද ගිහින් මහ දුර
දන්නේ නෑ නුඹ තව
රැඳුනු ඒ සෙනෙහස

දෙතොල් මත ඇඳෙන ඒ
සිනහවක් වී එන්න
විඩාබර සුසුම් පිස
සුළඟක්ව දැවටෙන්න
හිමි නොවූ වසන්තේ
මලක් වී සුපිපෙන්න
මොහොතකට ආයේමත්
ඇවිත් ළඟ නවතින්න

Comments

  1. ලස්සන පබැදුමක් අක්කේ...

    ReplyDelete
  2. ආයෙමත් පායන්න
    පායලා හිනැහෙන්න
    ඇවිත් ළඟ නවතින්න
    පින් පුරමි හැමදාම....

    ඇසිල්ලක් සුළඟක්ව
    දැවටිලා යන්න නොව
    ඇවිත් ළඟ නවතින්න
    මතු සසර පුරාවට....

    ReplyDelete
  3. සමහර දේවල් තියෙද්දි අපිට ඒවයි වටිනකමක් නෑ..නැතිවුනාම තමයි අගය තේරෙන්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා