පටාචාරා වැළපුම
සිටු මහල් ප්රසාද දොරකට
බoකුවක ඇන තබා
තුරුළුකර දෑත් උණුහුමට
වැළපෙන්නේය අද
පටාචාරාවක්ම ලෙස
නිවුනු දර සෑයේද
දුමත් නැත
ගොහින් නම් හුඟ දුර
ඇසේ දෙසවන තව
මියුරු වදනින්
තෙපලු අමරස
නිළුපුල් දෙනෙත් මත
දිළිහෙන්න ඉඩ ලදත් කඳුළු කැට අද
අමතකද සඳ නැඟුණු එක රැයක
මා දෙනෙත් මත එබී
නුඹ සෙවූ නුඹේ රුව
දුර ගොසින්
උයන් කොන
නෙළු පරසතු මලද ඔය
පෙර දිනක සුවඳ දුන් මේ මල
පරවෙලා වැටී අද පය මුල
කළුකරන් මුළු අහස
ගිගුම් දුන්
හෙන හඬට
බියවෙල සාපැටව්
නිදත් අද ලඟ හිඳ
උරන වී නොයාවිද උනුත්
නුඹත් නැතිකල හෙට
ගොඩ කාලෙකින් ආවේ... ලස්සන නිසඳැසක්...!!
ReplyDeleteකවි පෙල ඇත්තටම ලස්සනයි අක්කේ..
ReplyDeleteපටාචාරාට තරම් කේස් ගොඩක් වෙලා නෑනෙ තවම..
ReplyDeleteමෙයා පටාචාරා තරම් අවාසනාවන්ත නෑවගේ.. කොහොම උනත් පද ටික නම් අපූරුයි
ReplyDelete