Friday, May 25, 2012

පටාචාරා වැළපුම


සිටු මහල් ප්‍රසාද දොරකට
බoකුවක ඇන තබා
තුරුළුකර දෑත් උණුහුමට
වැළපෙන්නේය අද
පටාචාරාවක්ම ලෙස

නිවුනු දර සෑයේද
දුමත් නැත 
ගොහින් නම් හුඟ දුර
ඇසේ දෙසවන තව
මියුරු වදනින්
තෙපලු අමරස

නිළුපුල් දෙනෙත් මත
දිළිහෙන්න ඉඩ ලදත් කඳුළු කැට අද
අමතකද සඳ නැඟුණු එක රැයක
මා දෙනෙත් මත එබී
නුඹ සෙවූ නුඹේ රුව

දුර ගොසින් 
උයන් කොන
නෙළු පරසතු මලද ඔය
පෙර දිනක සුවඳ දුන්  මේ මල
පරවෙලා වැටී අද පය මුල  

කළුකරන් මුළු අහස
ගිගුම් දුන්
හෙන හඬට
 බියවෙල සාපැටව්
නිදත් අද ලඟ හිඳ
උරන වී නොයාවිද උනුත්
නුඹත් නැතිකල හෙට

5 comments:

  1. ගොඩ කාලෙකින් ආවේ... ලස්සන නිසඳැසක්...!!

    ReplyDelete
  2. කවි පෙල ඇත්තටම ලස්සනයි අක්කේ..

    ReplyDelete
  3. පටාචාරාට තරම් කේස් ගොඩක් වෙලා නෑනෙ තවම..

    ReplyDelete
  4. මෙයා පටාචාරා තරම් අවාසනාවන්ත නෑවගේ.. කොහොම උනත් පද ටික නම් අපූරුයි

    ReplyDelete