විශාකා මියැදෙති

අන්ධකාරයේ වෙලී
සෙවනැලිත් ඉකිබිඳි
වසන්තේ මල්හැලී
තුරු ලියත් බැන වදී

අනෝරා වැහී වැටී
දෙපතුලුත් හිරි වැටී
දිව නොගොස් මහවැ
ටී
 හති දමයි මඟ වැටී

ඉදුනු නරකෙස් පෙනි
කැඩපතත් වියරු වී
හීනෙනුත් බිය වැදී
විශාකා මියැදෙති

Comments

  1. විශාඛාත් නාකි වෙලා එහෙනම්...

    ReplyDelete
  2. මොහොතින් මොහොත වෙනස් වන ජීවිතය....

    ReplyDelete
  3. මුදු සුමුදු මල් පෙතී
    අද බොහෝ හැඩ වෙතී
    හෙට කවුරුවත් නැතී
    එමල් පරවී යතී

    ReplyDelete
  4. අනිත්‍යය............
    එයයි සනාතන දහම.

    ReplyDelete
  5. අනිච්ඡාවත සංඛාරා

    ReplyDelete
  6. බලන් කැටපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක් ඉදිලා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා