ඉතින් අවසර....


පවන් රැල් වැද
සැලී මල් පෙති
හොරෙන් ඇහැරෙන වේලාවේ...
නිවී දැල්වී
දිලී තරු කැට
ගුවන විසිරුන සැඳැවේ...
වළා පට බිඳ
එබී හෙමිහිට
සඳක් හිනැහෙන වේලාවේ..
ඉතින් අවසර
යන්න පෙර මඟ
ජීවිතේ මo තලාවේ...

Comments

  1. අවසර ඉල්ලන්නේ...කොහේ යන්නද..මේ..??

    ReplyDelete
  2. ඒක නේන්නම්.. කාගෙන්ද මේ අවසර ඉල්ලන්නෙ...:))

    ReplyDelete
  3. කවුදැයි මේ යන්න නොදී ඉන්න හාදයා ??

    ReplyDelete
  4. ජීවිත ගමනේ ඉදිරියටම යන්න අපෙන් අවසර.. ඒත් බ්ලොග් එකෙන් නම් යන්න එපා...

    ReplyDelete
  5. නිල් අහස,
    ජීවිත ගමන ඉදිරියට අරන්යන්න තමා අවසර

    Outsider,
    අවසර ඉල්ලුවේ නැහැ අවසර දුන්නා

    Bindi,
    හෙ හෙ හේ..???

    හිස් අහස,
    හ්ම්..කවියක් පමණි

    Dinesh,
    හරි හරි හදා ගත්ත මේ බ්ලොග් එක දාලා කොහේ යන්නද

    ReplyDelete
  6. "ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ - ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..."

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා