අසම්පූරණ රචනාව ,,,,,.

හිස්ම හිස් හදවත් පිටුවේ
රචනාවක් ලියන්න
ඉල්ලපු නුඹ
කොමා වලින් වෙන් කරමින්
ලිව්ව එකම වාක්‍යට
හදිස්සියෙන්ම
විරාම ලකුණ තිබ්බා.
ව්‍යාකරණ නිවැරදියි
අක්ෂර වින්‍යාසයත් නිවැරදියි
පටන් ගත්ත වාක්‍යයත් හරි අපූරුයි
ඒත්..................
රචනාව තවමත් අසම්පූරණයි

Comments

  1. ඇරබුම අවසානය
    ලියවුනත්
    ඒ අතර රැදුන
    මතකය
    නොලියවුනි තවම..

    ReplyDelete
  2. අනේ මංදා බලාගෙන ගියාම කොයි රචනාවත් අසම්පූරණයි නේද?
    මැණික්

    ReplyDelete
  3. අනුන්ගෙ ඉල්ලීමට ලියන රචනාවට කොයි වෙලේ හරි නැවතීමේ තිත වැටෙනවා.

    ReplyDelete
  4. මගේ ජීවිත කොළයේ, මගේම තීන්ත වලින්, මා ලවාම ලියවූ...., [අ]සම්පූර්ණ රචනාව.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා