හුරුපුරුදු ජීවිතේ
තරු දිලෙන රෑ අහස ආයේමත් බලනවා
වැට දෙවට පිපුනු මල් ආයේමත් සිබිනවා
හුරු පුරුදු වූ සුවඳ ගම පුරා දැනෙනවා
ජිවීතේ විඳින බව යළි යළිත් හැඟෙනවා
අරුමෝසම් ඒ නගරේ
රළු බොරළු කටු ඇනී
රිදුම් දුන් පොඩි දෙපා
ශක්තිමත් වෙලා දැන්
දිරිය හද සතු වෙලා
යන්න හැක තව දුරක්
නොවෙයි දැන් ම0 මුළා
තුන් අවුරුදුත් ගොස්
සුවඳ ඇත ගමපුරා
මුන ගැසෙන හැම මුවක
ඇත සෙනෙහේ ගැබ් වෙලා
ඉතින් තව විදින්නෙමි
ජිවිතේ හිනැහිලා
ලස්සනයි ගමතරම් වෙන කොහෙද තෑනක්...
ReplyDeleteතමන් හැදුණ වැඩුණ ගම තරම් තවත් සුන්දර තැනක් කොයින්ද ඉතින්....
ReplyDeleteජයවේවා!!!
ඒත් අද ගොඩක් ගම නගරෙම වෙලා.
ReplyDelete