නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
short & sweet......
ReplyDeleteබලාගෙන තිත තිතක් විදියටම තියෙන්නෙ නෑ, පුංචි පැල රූස්ස ගහක් වෙන දවසක් එනව.
ReplyDeleteලස්සනයි අදහස..
ඔය තිත තුවාලයක් නොවුනොත් හොඳයි.
ReplyDeleteමැණික්(සුළඟ)
තිතක් කියන්නේත් මහා බයානක දෙයක්....
ReplyDeleteඑක ඇමිබාවෙකුට පුලුවන් ගොඩක් දේවල් අල්ල ගන්න....
shadow,
ReplyDeleteස්තුතියි සහෝදරයා
Outsider,
බලමුකෝ ඉතින්
මැණික්,
එහෙම නොවෙවා කියලා පතන්නම්
ඉලන්දාරියා,
පරිස්සම් වෙන්න වෙයි නේද?