රෑ හීනය


රෑ හීනෙන් 
එක දවසක්
සඳ ආවලු අපේ දිහා

පිළිකන්නේ දොරකඩ ලඟ
ඇනතියාන එළි වෙනතුරු
ඒ දිහාම ඇහැ ඇරගෙන
බලාන උන්නා...
දැවටි දැවටි එක සීතට
මුදු හඳ රැස්
විඳ මිහිරට
උණුසුම මැද  සිහින ලොවක
පියමන් කෙරුවා...
එකපාරට
හූ තියාන
රෑ 12ට
බල්ලෙක් උඩු බිරුවා...
කැල්ලි කැඩි රෑ හීනය
බියවී හිත ගස්සීගෙන
පියවි සිහිය ආවා
හඳ ගියාලු දුර අහසට
දන්නේ නෑලු දැකපු හීන
පුරුදු ලෙසට ඔහේ බලාන
සඳ සඳ වී උන්නා
දැකපු සිහින සිහි කර කර
තනියෙන් හිත හැඬුවා...

Comments

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා