අකීකරු සුළඟ නුඹ...

රෑ පාට හීන වල
තවරාන මුදු සුවඳ
නිදන මල් පෙති සිඹින
අකීකරු සුළඟ නුඹ...

නිහඬ ගහ කොළ එතෙන
සෙවනැලිත් දඟ කරන
සුවඳ සුසුමන් ගෙනෙන
අකීකරු සුළඟ නුඹ...

දිලෙන තරු කැට නිවන
සඳට පාටක් ගෙනෙන
හිරුට පණිවිඩ කියන
අකීකරු සුළඟ නුඹ...

Comments

  1. සොඳුරු අකීකරු බව....

    ReplyDelete
  2. great please come to our site

    ReplyDelete
  3. නුඹට සිසිලස ගෙනෙන
    සසර දාහය නිවන
    නමුදු ලඟ නොම ‍රැදෙන
    අකීකරු සුළඟ මම
    මැණික්

    ReplyDelete
  4. "අකීකරු සුළඟ නුඹ..."

    කොයි තරම් අකීකරු උනත් ආදරෙයි ඒ සුළඟට අපි හැමදාමත්.....

    ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා