Sunday, March 11, 2012

මියැදුනු ස්වර්ණමාලියේ

රෑ පුරාම හාද වෙලා ගීත ගයනවා
කුරුළු තුඩින් පෑරී ගෙඩි බිමට හැලෙනවා
රිය සක යට තෙරපී හිඳ මුකුළු පානවා
කළු පාටින් තිබුණු පාර සුදට වැසෙනවා

අව් ගිනි රැස් පාට වැටී ගත වේලෙනවා
ඒ තුරු හිස සෙවන යටින් අපි සැනසෙනවා
දස දහසක් දෙනා ඇවිත් එතන රැදෙනවා
දේවතාවියක් ඉදගෙන සතුට බෙදනවා

තාරපාර ලොකු වෙන්නට හීන බලනවා
යකඩ යක්කු ඔච්චම්කර දෑත් පානවා
ගිමන් නිවා ගන්නට තුරු හිසට ඇදෙනවා
දේවතාවියගේ දෑසට කඳුළු උනනවා

නෑ ආයාචන කිසිවෙකු කිසිවිටක කරන්නේ
ස්වර්ණමාලියට රන් වැලි සෑ නොවෙයි බදින්නේ
සෙවනේ තිබූ යන්තර තුරු හිස සිඳලන්නේ
දේවතාවියක් ගැහි ගැහි මරනෙට යන්නේ

2 comments:

  1. ඔව්ව ඔහොම තමයි සංවර්ධනය කියන එක එද්දි දෙවි දේවතාවුන් කොහොමත් මිය යනව. යන්ත්‍ර වලට විතරයි පැවැත්මක් තියෙන්නෙ.

    ReplyDelete
  2. තාක්ෂණය දියුණු වෙලා... ගහක් කොළක් දිහා බලාගෙන ඉඳල රස විඳින්න මිනිස්සුන්ට වෙලාවක් නෑ... එහෙව් කාලෙක ඒ ගස් කොළන් වලට වෙන දේවල් ගැන හොයන්ට වෙලාවකුත් නෑ....
    වෙලාව තියෙන උන්ටත් කරන්න දෙයක් නෑ ඒක උගෙ රස්සාව නිසා......

    බලන්නකො මට ඒ දුර වෙනස දැනිච්ච විදිය - http://mathakawasthuwa.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete