කිරි පැණිත් තිත්ත වෙයි


බැස යන්න හදයි හිරු
තවරාන ලේ පාට
හැපී හැපී රළ හඬයි
නිහඬ වෙරළට බට
මින් රැලක් ගතුකියයි
පැන ඇවිත් සයුරු පිට
ඇට මිඳුළු නහර විද 
කකියාවී විටින් විට හද

මිණි මල් පිපී අර
නිල් අහස කෙලවර
සඳ තරුත් නිවි ගොස්
කළුවරයි තුන් ලොව
පුස් වෙඩිත් පත්තු වී
මියෙන සවුන් දැක
කිරි පැණිත් තිත්ත වෙයි
අද හෙටම අපි හට


Comments

  1. දැනටත් කිරි පැණි තිත්ත වෙලා තිබුණට ඒව රසයි කියන මොරාල් එක හදල තියෙන්නෙ කන බොන අයගෙ.

    ReplyDelete
  2. කාලයක් යද්දි කිරි පැණිත් තිත්ත වෙනවා..

    ReplyDelete
  3. කාලයා ගොඩක් දේවල් වෙනස් කරනවා...

    ReplyDelete
  4. දැන් වෙන දේවල්වල හැටියට එහෙමත් වේවි...
    අර කථාවටත් කියන්නෙ කලක් යද්දි මීපැණිත් තිත්ත වෙනව කියලත්...
    ජයවේවා!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා