නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
ඉරෙන් සදෙන්
ReplyDeleteපාට ගන්න
තරුවකට පුළුවන්ද
අහසට පාටක් දෙන්න..
උපහාසයට ලක් කලා නේද?
ReplyDeleteඅහසේ පාට පෙනෙන්නේ එක එක අයගේ
ReplyDeleteසිතිවිළි අනුව මයි කියලයි මම දන්නේ
පාටක් නොමැති නිල් අහසක් දිදුලන්නේ
ආදර සිතුවිලි ගලා නොවෙද නැගණියනේ
ඉරටත් දුක හිතෙන්නැති
ReplyDeleteසඳට වන අවනඩුව ගැන!!!
මැණික්
ඉරට හඳට පාට දෙන්න ඔබේ වතේ පාට දෙන්න..........
ReplyDeleteපුංචි පැදි පේලිය හරිම ලස්සනයි අයේෂා.
කළුවරට පාටක් ලැබුනොත් එතන තවදුරටත් කළුවරක් නෑ...
ReplyDelete