සුභ සිහින

අර ඈත නිල් අහස
පාට කර හිනැහෙන්න
ගනදුරට මඟ කියන
තරුවක්ව පායන්න

දුහුල් මල් පෙති වලට
නොරිදෙන්න සිප ගන්න
ඒ සුවඳ තවරාන
මලක් වී සුපිපෙන්න

පිණි බින්දු පොද ඉහෙන
සීතලක ගුලි වෙන්න
උදා වෙන හෙට දකින
සුභ සිහින වී එන්න


Comments

  1. අවුරුදු සිහිනය වෙන්න ඇති..

    ReplyDelete
  2. ඇත්තටම ඔයාගෙ කවි වල අමුතුම අමුතු ගතියක් තීය්නවා අයේශා...

    ReplyDelete
  3. සුභ සිහිනේ ඉටු වේවා...!!

    ReplyDelete
  4. ඔයාගෙ සුභ සිහිනය ඉක්මනින්ම ඉටු වේවා.... ඒ වගේම ඔයාට සුභ අළුත් අවුරුද්දක් වෙවා...

    ReplyDelete
  5. ඔයාගෙ සුභ සිහිනය ඉ‍ටු වෙන්න කියල මම මුලු හිතෙන්ම ප්‍රාර්ථනා කරනවා.
    මැණික්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා