Tuesday, August 23, 2011

අව් සැරට පිච්චිලා

පිපාසිත දෙනෙත් යුග
මිරිඟුවක් දකිනවා
මල් නොපිපි ගහකොලත්
වියළිලා වැටෙනවා
ඉරි තැලි මහ පොළව
ඉකි ගසා හඬනවා
අව් සැරට පිච්චිලා
ජිවීතේ දැවෙනවා

Monday, August 15, 2011

මොන මඟුලක්ද.....?

මෙහේ බලන්න
තව හැරෙන්න
තව පොඩ්ඩක් හිනා වෙන්න
බුලත් දෙන්න
දැන් වඳින්න
තව පොඩ්ඩක් ළඟට වෙන්න
4ටෝ එකේ හැඩට ඉන්න
video එක කොලිටි වෙන්න
මගුල් දාට අපි ගහනා
බෙර පදයට ඔබ නටන්න
සිරිත් විරිත් හරි විදියට
කවදාවත් බෑ රකින්න
ලෝකෙට ඕනෑ විදියට
ජීවත් වෙන්නට හිතන්න

තවරාගෙන පාට ජාති
අද හරියටවෙනස් වෙලා
උදේ හවස නුඹ දුටුවත්
අඳුරන්නට නොහැකිවෙලා
කුළ සිරිතට දීග යන්න
4ටෝ ජෙනික් හරස්වෙලා

Sunday, August 7, 2011

සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය

නුඹ අණ දුන්නා
මම වෙඩි තිබ්බා
ඔහු මියඇදුනා
රතුපාට ලේ ගැලුවා

මේ සාධාරණ යුද්ධයට වඩා
අසාධාරණ සාමයෙන්
අපි මියැදෙන්න සුදානම්

Monday, August 1, 2011