අනේ දෙයියනේ.....!!!!!

පේළියට එක දිගට
රූප5 පිළිවෙලට
කතරගම,විශ්නු
පුල්ලෑරේ දෙවියොද
ඒ විතරක්ද
පත්තිනි මෑණියොත්
පැනලා ඒ මැදට.....

හිටගෙන එක පෙළට
ඉන්නවා බලාගෙන
පිහිටක් වෙන්නට...

මේක හරිම ලාභයක්
අපිට වෙච්ච වාසියක්
1 ක් රුපියල් 10 ගානේ
පස් දෙනට 50 ක් යයි
අරන් යන්න
අතේ තියෙන
පුන්චි මුදලට
දෙවියන්ම පස්දෙනෙක්...

දුකට පත් මේ අපට
පිහිට වෙන දෙවියනේ
උණුවුනේ නැද්ද ඔය
පඬුපුල් ආසනේ
ලාභේට පාර මැද
අසරණව අලවිවෙන
දෙයියන්ගේ නාමයට


Comments

  1. දෙවියන්ට, බුදුන්‍ට හොඳ මාර්කට් එකක් තියෙනව මේ දවස්වල.

    ReplyDelete
  2. දෙවියන්ව විකුණන විදියට මාර ලාභයක් ඇති මං හිතන්නේ...

    ReplyDelete
  3. නංගි,
    සමහර වෙලාවට මේව පස්සෙ යන අයට මම නම් හරියට හිතින් හිනා වෙනවා. සමහර අයට මේ මිත්‍යා විශ්වාස වලින් මිදෙන්නම බැහැනේ. අතේ තියෙන තඹසතෙත් වේවට විනාශ කරගන්නවා.

    ReplyDelete
  4. අදුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ

    අපේ ‍ෆොටෝ ගෙන එව්වා විකුණන පවුල් රකින්නද දෙවියෝ වැඩ ඉන්නේ ?

    කවි පද ටික ලස්සනයි

    ReplyDelete
  5. දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ!

    ReplyDelete
  6. දෙවියන් වැනි මිනිසුන් හිදින්නේ ද ..අප අතරමයි.

    ReplyDelete
  7. ලස්සන කාලීන අදහසක්.

    දැං මිහිස්සු පුංචි රුපියල් දයකට අම්ම තාත්තව උනත් විකුණයි...

    ReplyDelete
  8. පුළුවන් නම් අකුරු වලට තද පාටක් පාවිච්චි කරන්න බලන්න.අදහස් හොදයි..out of the box හිතුවොත් තමයි ලොකේ වෙනස් කරන්න පුළුවන්..ජය තව ඉදිරියටම යන්න..හිතෙනදේට ඉඩ දෙන්න එපා..හිතල ලියන්න..

    ReplyDelete
  9. අපිට දෙයියො ඉතිං අපිම තමා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා