සතුටුවෙන සෙල්ලම

පොලියානා
පොලියානා
යාළු වෙන්න මාත් එක්ක
හිනා වෙන්න කියා දෙන්න
මට තනියෙන් බෑ කරන්න
"සතුටු වෙන සෙල්ලම"

ඉගිල්ලෙන්න අවැසි විටදි
නිල් අහසත් දුර පෙනෙද්දි
නොලැබුණු අත්තටු ගැන හිතෙද්දී
හිනා වෙන්නේ කොහොමද මo
දෙනෙත් වලට කඳුළු එද්දී

ජීවිතයේ බරක් නැතත්
රැකගත් ජීවිතය ඇතත්
මහ පොළවට බරක් වෙතොත්
හිනා වෙන්න හැකිද තවත්

පොලියානා හැකි විගහට
කියා දෙන්න මේ හැමවිට
සතුටු වෙන්න හැකි තරමට
විදියක් ජීවත් වෙන්නට

Comments

  1. කවුද අනේ පොලියානා ?

    කවි ටිකනම් ලස්සනයි

    ReplyDelete
  2. ඇත්තටම් කව්ද පොලියානා??
    හරිම ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  3. සතුටු වෙන එක උගන්වන්නනම් ගොඩක් අමාරු වෙයි.
    පොලියානා කියන්නෙ නවකතා චරිතයක් නේද?

    ReplyDelete
  4. ලව්කික ජීවිතයේ සතුට හැමදාමත් තාවකාලිකයි. ඒ හන්දා කවදාවත් සදාකාලික සතුටක් හොයන්න එපා. මොකද මොන විදියකින් හෙව්වත් එහෙම දෙයක් කවදාවත්ම හමු නොවන නිසා.

    ReplyDelete
  5. "සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගේ කඳුළු නැගේ එයයි ජීවිතේ..."

    ReplyDelete
  6. නියමයි අයේශා..... ඔයාගෙ හැකියාවනම් එන්න එන්නම දියුණු වෙනවා....

    ReplyDelete
  7. කවුද මේ පොලියානා. සතුට උගන්වන එක තමයි ප්‍රශ්නය.
    මැණික්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා