~~~~මතක සුවඳ~~~~

මල් පෙති වල පැහැ තවරා
මුව මත හසරැලි ගවසා
නිදනා නෙතු මත ඇඳෙනා
සිහින දිගේ එමි එතිලා

කළුවර රෑ අහස පුරා
දිලෙනා තරු මැදට වෙලා
නුඹ මුමුනන රහස් කතා
අසා සිටිමි සවන යොමා

තුරුලිය මත පිනි තවරා
ඒ සිහිලෙන් හද සනහා
මතක සුවඳ මo ඇරලා
මොහොතක් එමි ලොව නවතා

Comments

  1. මතකය සුන්දරත්වයෙන් පිරී ගිය එකක් වගේ..
    ලස්සනයි.. කවියකට වඩා ගීතයක් වගේ...

    ReplyDelete
  2. සුන්දර ගීයක් වගෙයි - ආදරය පිරිලා ගිය මතකයක!
    ජය

    ReplyDelete
  3. ලස්ස්නයි යාළු

    කටද අප්පේ මේක ලිවුවේ ..අහස කියල තියන නිසා මට ලිවුවද මන්දා ?

    ReplyDelete
  4. නිදනා නෙතු මත ඇඳෙනා
    සිහින දිගේ එමි එතිලා
    ඒත් ඉතින් ඒවා ලස්සන හීන විතරනෙ නේද? අපි හැමෝම එක එක විදියෙ හීන දකිනවා.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි. පද යොදාගෙන තියෙන විදියත් අපූරූයි. ලස්සනට තාලෙට කියවෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා