සිහින මියයාම

පාන්දර වෙනකොට
හිරු ඇහැර හනිකට
තට්ටු කරමින් කවුළුව ළඟ
විරිත්තනවා හොඳටම

දෑස් නෑරම නිදිබර
හිදිත් සයනය මත
සියත් කැළ නද කර
කුමට ඔතරම්ම ඔච්චම

තප්පරෙන් තප්පර
ගෙවෙනකොට කාලය
ඔරලෝසු කටු උලෙන් තද කොට
අනිනවා මේ පපුව මැද්දට

දුටු සිහින සියල්ලම එක්කොට
ඇන තබා ඉන්නවා තොටුපොල ලඟ
ඔරු පාරු කිසිවක් ද නොයෙනවිට සරණෙට
කඳුළු වැල් ඉහිරිලා ඇඬෙනවා එතකොට

Comments

  1. හීන ඔහොම තමයි............. ඒත් හීන තමයි අපිව ජීවත් කරවන්නෙත්...... කවදා හරි ඔය හැම හීනයක් ම සැබෑ වෙනවා ෂූවර්............


    දිගට ම ලියමුකෝ මේ තරම් හැකියාවක් තියෙන ඒකේ.......... හැකි හැම වෙලාවක ම ලියන්න කියලා ඉල්ලනවා.......... බ්ලොගය සාර්ථකයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට යාළු

      Delete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා