රාමනාදන් කොහිද
තල් වැටේ මායිමේ
කඳුළු කැට සඟවලා
අඳුරු පුර හඳ ඇවිත්
පිල් කඩට බරවෙලා
සැඩ සුළo රැල් වැදී
ජීවිතේ දියවෙලා
රාමනාදන් අරන්
අඳුරැ සෙවනැළි ගියා
ගුගුරුවා අහස් ගැබ
ලේ කඳුළු වැටුන දා
බිය වැදී තරු කැටත්
හීතලෙන් ගැහුන දා
කෑ ගසා ගිජු ලිහිණි
ඉදිකඩින් පැන විදා
රාමනාදන් අරන්
උන් කොහිද පියැඹුවා
දකුණු අහසින් ඇවිත්
ඉර හිනා වෙයි අපිට
පෑල දොරකඩ පිපෙයි
මිණිමල් ඒ දුකට
රත් වෙච්ච වැලි කැටත්
රිදුම් දෙයි දෙපයට
අහෝ දෙවියනි සොයන්
මගේ පුතා විගහට
දුක් වෙන්න එපා ඔබ
ReplyDeleteරාමනාදන් සොයා ..
පිල් බෙදුනු රුදු ලොවින්
වෙන්ව ඈතක ගියා ..
දුස්ටකම මුල් ඇදපු
මිනිස් සතුරන් දමා ..
රාමනාදන් සුවෙන්
දෙව් ලොවක හිනැහුනා ..