සඳවති......

කටු පඳුරු උඩ වැටී
මදාරා මල් පෙති
උමතු වූ සිත බිඳී
හඬනවද සඳවති
 
බොර දියේ රුව බිඳී
සැලෙන කම්බුල් පෙති
හීනෙන්ද බිය වැදී
හඬනවද සඳවති
 
පැටළිලා රන් රිදී
ජීවිතේ මඟ බිඳී
ආදරේ දිය සිඳී
හඬනවද සඳවති
 

Comments

  1. නැවුම් උල්පත් සැදී
    ආදරය එයි යලී
    පිසලන්න කඳුලැලී
    හිනැහෙන්න සඳවතී

    ReplyDelete
  2. විස බඹර තුඩු වැදී
    රුහිරු ලේ හැලි හැලී
    මුලු දිවිය එපා වී
    හඩනවා සඳවතී :(

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා