කුරුමිණියෙක් ......


කැරකි කැරකි
සිවිලිම මැද
රෑ  තිස්සෙට
කුරුමිණියෙක් 
සටපට ගා ගැහුනා...
ඝන අඳුරෙම 
ඇස් කරකා
මදුරු  දැලේ
සිදුරු මැදින්
හිමිහිට උඩ බැලුනා...
බිත්ති  අතර
හැප්පි හැප්පි
එලි සොයමින් ඉස්සි ඉස්සි
කෑල්ලි කැපෙන
ඝන අඳුරෙම
තනියෙන් උඹ ඇඬුවා...
එළිය මැදින්
දුර ඇවිදින්
මේ අඳුරෙම මoමුලාව
ගැහෙමින් හද මරණ බියට
උඹ එක්කම ඇඬුවා...

Comments

  1. හරිම ලස්සනයි කවි ටික අයේෂා ...
    මේ කමෙන්ට් කරන්න තියෙන විදිහ වෙනස් කරන්න...
    ඔයාට සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  2. කාලෙකට පස්සේ ආවේ මේ පැත්තේ....


    ප.ලි- බිංදුව ලියන්නේ

    වි‍ජේසේකර කී බෝර්ඩ් එකෙන් නම් -"x"
    සිංග්ලිෂ් නම් - "/n"

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා