පැමිණෙන්න ...

අඳුරු කුහරෙන් මිදී
පාලු හිස් අනන්ත
අවකාශ සිසාරා
ඉගිලෙන්න පැමිණෙන්න
ඉරා මේ අඳුරු වළා පට

සිහිල් සුළඟට වැනෙන
කුරුළු වෙස් පළඳින්න...
තුඩින් තුඩ මිහිර විඳ
පියාපත් විහිදන්න...
හෙටක් ගැන  නොහිතෙන්න
ජීවිතේ මත් වෙන්න...
පටලවා දෑත් යුග
සුසුම් සුව විඳ ගන්න...
පාවෙල ඔහේ යන්න
ඉතින්
තනි වෙන්න
පැමිණෙන්න...


Comments

  1. කවුරු වෙනුවෙන්ද ආරාධනය?? ඉවසන්න ඔහු ඒවි.
    මැණික්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා