පැතුම

හමා ඇදෙන මඳ සුළඟේ
දුක ගුලිකර මට එවන්න..
ඒ දුක කඳුළට හරවා
මට හඬන්න ඉඩ හරින්න...
නෙතින් වැටෙන ඒ කඳුළේ
සිහිලෙන් හද තෙත් කරන්න...
හීනෙන්වත් ළඟට එන්න
හනිකට නිදිමත හැදෙන්න...

ලොව නිදනා ඒ අතරේ
තටු ලැබිලා මට අහසේ
පියඹාවිත් හොර රහසේ
හිස අත ගා සනසවන්න
කවුළු පියන් හැර තබන්න

අටවක සඳ දුන් සිනහව
අතුරා මුව මත පිරෙන්න...
හද තුළ සෙනෙහස පතුරා
ඉක්මන් සුව පතාලන්න...
දිගු වී මේ රැය තව තව
නුඹ ළඟ ඉන්නට හරින්න...
තැවරුනු ඒ සුසුම් සුවඳ
ඇති නුඹ වෙනුවෙන් හිඳින්න...

Comments

  1. සෙනෙහෙ විඳින හදවතකට
    ගුලි කරන්න දුක කොයින්ද
    සතු‍ටු කඳුලු මිස දෙනෙතට
    දුක් කඳුලැලි නැගුනෙ ඇයිද?

    සුසුම් පොදක් වී ඇවිදින්
    නුඹ ළඟින්ම දිවි ගෙවන්න
    සෙනෙහෙ පැතුම් ඉ‍ටු වීයන්
    මේ ආදරෙ ජය ලබන්න

    ReplyDelete
  2. හිතේ තියන හැම හැගිමක්ම කවියකින් විස්තර කරන්න අමාරුයි..එත් ඔයා ඒක ගොඩාක් ලස්සනට හිතට දැනෙන්න කරනවා අක්කේ

    සුව වෙන්න පැතුමක් පතනවා මමත්...

    ReplyDelete
  3. තැවරුනු ඒ සුසුම් සුවඳ
    ඇති නුඹ වෙනුවෙන් හිඳින්න...
    හිතට දැනෙන විදියට ලියවිලා තියනවා.
    මැණික්

    ReplyDelete
  4. තනියම සුවපත් වීම අමාරුයි. තව කෙනෙකුගෙ සෙනෙහසක් ළඟ සුවපත් වීම ඉක්මන්.

    ReplyDelete
  5. හිතින් අපට මොන තරම් දුර යන්න පුලුවන්ද.
    ඇත්තටම ලස්සන පද වැලක්.

    ReplyDelete
  6. "නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං..."

    ReplyDelete
  7. ඇත්තටම ලස්සනයි යාළු ..කවි කියන්න බැරි එවුං වෙච්ච අපි මක්ක කියන්නද වෙන

    ReplyDelete
  8. සිරාවට්ම මාර ලස්සනයි ඈ.... හැබෑම ගතියක් තියෙනවා කවියෙ.....

    ReplyDelete
  9. හාමිනේ...මෙන්න මගෙන් සුබපැතුම් සෙනෙහෙ පැතුම් ඉටු වෙන්න ..

    ReplyDelete
  10. හරිම ලස්සනයි අයේෂා නංගි, ඔයාගෙ නිර්මාණය. සෙනෙහසින් සියලු පැතුම් ඉටුවේවා කියල පතනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා