දුටිමි

ගලවා දමා
සුදු පිරුවට
නිර්වස්ත්‍ර කොට
ආත්මයම
එබී බැලුවෙමි
කැඩපතට.....
ලෝකයක් නොදකින
කළු පැල්ලම්
දුටිමි
සෝදා ඉවත්කල
නොහැකි වූ.......

Comments

  1. කාගෙත් ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
  2. ඔතාගෙන සුදු පිරුවට
    සිටියත් හැම සුදුවට
    කලුත් ඇත හම යට
    කාගෙත් මතුවෙයි දවසක

    ReplyDelete
  3. ඒකනම් ඇත්ත අක්කේ... කවුරුත් ලග කළු පැල්ලම් අනිත් අයට නොපෙනෙන්න..

    ReplyDelete
  4. ඇති පැල්ලම් ගැන නොතැවී කඩින් කඩ
    කරමු තවත් නව පැල්ලම් නොදෙන වැඩ

    ReplyDelete
  5. සෝදා ගත නොහැකි

    එය උපන් ලපයකි

    ReplyDelete
  6. කළු පැල්ලම දැකීම
    කළු පැල්ලම මැකීමේ මුල
    මැණික්

    ReplyDelete
  7. කලු පැල්ලම් නැති...චරිත නැත.
    ඒත්...බොහෝ අය..ඒ බව දන්නේ ද නැත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා