ජීවීතේ..... මොකද්ද තේරුම? අරමුණ මොකද්ද? ජිවීතේ තියෙන්නේ විඳින්න. කවුදෝ කිව්වා. ඒත් විඳින්නේ කොහොමද? මොනවද ජීවීතේ විඳින්නේ? මට හිතෙන්නේ අපි අපිව රවට්ටනවා. ජීවීතේ හැමදෙයක්ම සතුටින් විඳිනවා කියන්නේ ඒකද? මම මාවත් ඔයා ඔයාවත් රවට්ටා ගන්න එකද? මට තේරෙන්නෑ. ඇත්තටම තේරෙන්නෑ.........ජීවීතේ ........අර දකින තිරිසන්නුයි අපියි අතර වෙනස තිරිසන්නු හිතට එන හැඟීම් ඒ විදියටම කිසිම පාලනයක් නැතුව ඒ හැඟීම් ඉටු කර ගන්න එකයි අපි ඒවට වැට කඩුළු මායිම් දාලා සිතුවිලි ශිෂ්ඨ සම්මපන්නයි කියල හිතන රාමුවක් තුළ පිළිවෙලකට කිරියාත්මක කරන එකයිද? මම අහන්නේ මොකද්ද මේ ජීවීතේ අරමුණ? හිතන්න්න පොඩ්ඩක්. පුන්චි කාලේ ඉදන් ඉගෙන ගන්නවා එක්කෝ හුඟාක් දුරට ඉහළට ඉගෙන ගන්නවා.ලොකු උගතෙක් වෙන්න. නැත්තම් ඔන්න සාමන්‍ය විදියට ඉගෙන ගන්නවා. කොහොම උනත් අන්තිමට ජොබ් 1 ක් කරනවා . උදේ ඉදන් හවස් වෙනකම් එක්කෝ පඩියට වැඩ කරනවා, නැත්තම් සේවය කරනවා පඩියට. ඔය කොහොමහරි ජීවන මර්ගයක් හදාගන්නවා. ඊට පස්සේ ගෙවල් දොරවල් හදනවා. යාන වාහන ගන්නවා. මේව...