Thursday, March 14, 2013

රාමනාදන් කොහිද


තල් වැටේ මායිමේ
කඳුළු කැට සඟවලා
අඳුරු පුර හඳ ඇවිත් 
පිල් කඩට බරවෙලා
සැඩ සුළo රැල් වැදී
ජීවිතේ දියවෙලා
රාමනාදන් අරන් 
අඳුරැ සෙවනැළි ගියා

ගුගුරුවා අහස් ගැබ
ලේ කඳුළු වැටුන දා
බිය වැදී තරු කැටත්
හීතලෙන් ගැහුන දා
කෑ ගසා ගිජු ලිහිණි
ඉදිකඩින් පැන විදා
රාමනාදන් අරන් 
උන් කොහිද පියැඹුවා

දකුණු අහසින් ඇවිත් 
ඉර හිනා වෙයි අපිට
පෑල දොරකඩ පිපෙයි
මිණිමල් ඒ දුකට
රත් වෙච්ච වැලි කැටත්
රිදුම් දෙයි දෙපයට
අහෝ දෙවියනි සොයන් 
මගේ පුතා විගහට