සිඳුනු තටු

ලිහි වැටුනු පැතුම් පොදි
මතකයෙන් කිමිදිලා.....
කඳුළු කැට හෙමි හෙමින්
දෙනෙත් වල තැවරිලා....
දුටු සිහින මුලා වී
ජීවිතේ වැරදිලා....
ඉගිලෙන්න බෑ යළිත්
තටු සිඳි මැලවිලා....

Comments

  1. බඩ ගාන්න තමයි දැන් වෙන්නෙ නේද?

    අපූරුයි...

    ReplyDelete
  2. හ්ම්...කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිවුණා..මඟ වැරදුන ජීවිතයට වගකියන්න ඕනෙ මඟ වරද්දගත්තු කෙනා ම තමා...ලස්සන නිර්මාණයක්...
    ජයවේවා!!!

    ReplyDelete
  3. තටු සිඳී නොව ඇත්ත
    මැලවිලා පමණකි
    සිතට දිරි ගන්න නුඹ
    ඉගිලිලා යත හැකි..!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මල්ලි