Posts

Showing posts from August, 2010

ගැහැණියක්...

දිදුළන කෙස් කළඹක් සුසිනිදු පැහැපත් සමක් වෙන්න පතනා රුවැති ළඳක්... කිසිදා නොවෙනස් වන ආදරයක් පතන පෙම්බර යුවතියක්... දෙමහල් නිවසක් උගත් බුද්ධිමත් දරුවෙක් යවන්නට ජාත්‍යන්තර පාසලක් සොයන මොඩ් වුනු මවක්... බිදෙන හිතක් හඬන නෙතක් සුසිදු වතක් සියල්ලට කොටුවි විදිනවද විදවනවද ගැහැණියක්...
Image
අකාසේ තරු නිවිලා සඳවතියත් සැඟවිලා අඳුරු වළා කැටි අස්සෙන් රිදී පාට ඉරි වැටිලා.... බින්දු බින්දු පොද වැටිලා රත් වුනු වැලි කැට තෙමිලා ගහ කොල මල් පිබිදිලා වැස්ස ඉතින් දැන් වැඩලා... දොස් අහලා දෙස් වැදිලා කර්කෂ වූ හද දැකලා දැවෙනා ගිනි නිවාලන්න ඇවිදින් අද නැවුම් විලස...

ඈවරයි දෑවරයි

ඈවරයි දෑවරයි තුන් ඇවරයි.... විකිනී හමාරයි ගත්තෝ තුටු වෙතී නොගත්තෝ දුක් වෙතී

හමුවුනේ වෙන්වෙන්න

වැහිලා මල් සුවඳ සුළන්  රැළි සිබිනවා... නුඹේ මතක එබී සිත ආයේමත් හඬනවා... ගෙවී ගිය අතිතයේ මිහිරි බව දැනෙනවා... හමුවුනේ වෙන්වෙන්න ඇයිද යලි සිතෙනවා ...

සුර සැප

පාට වළළු රන් මාලා විසි කරලා දෑත දෙපය ගෙන හනිකට වරෙන් නුඹ..... බේරිලා ඔය අපයෙන් මේ කටු මැටිගෙපැල සුර සැපයි තාම අපට

සියදිවි නසාගැනිම

ඇතිවෙන්න සේම නැතිවෙන්නද  යමක් මා සතු නොවන බව දැනගත් වහාම සියදිවි නසා ගැනිමෙන් මා වැළකුනි.
Go to next page(අමාවක සඳ)

ජිවිතය තරඟයක්ලු..

දුවන්න හයියෙන්.... බූට් සපත්තුකාරයෝ රබර් සපත්තුකාරයෝ පහුකරගෙන ජයගන්න ජිවිතය දුවන්න... පාවහන් නැති දෙපා කටු ඇනී හඬාවී රත්වෙච්ච ගල් බොරළු දෙපා යුග දවාවි හති වැටි අතරමඟ නවතින්න හිතෙවි එහෙත්, නවතිනු නම් එපා හූ කියයයි ලෝකය මල් දමා හෝ ගල් ගසා පිළිගන්න නුඹව බලා හිඳි ජිවිතය තරඟයක්ලු ....

කවිය නුඹ.......

පන්හිඳෙන් කුරුටු ගා කිසි දාක ලියනු බැරි කවිය නුඹ.......
මම සිරකාරියක්.......... නෑ මුරසෙබළු නෑ රැකවල් ඒත්,,,,, යන්න බෑ නුඹෙන් වෙන් කොට මගේ සිත
Image
Image
ප්‍රාර්ථනයක්... බලාපොරොත්තුවක්... සමඟ ගොඩ නැඟුනු ප්‍රතිබිම්බයක් විටෙක ප්‍රශ්නර්ථයක්... වැරදිමක්.. සමඟ ගොඩ නැඟුනු නිග්‍රහයක්
පිහිට වෙන්න දෙවියනේ (යමපල්ලෙක් කීය) කටු ගහේ උල් ටික පදමට හැදි ලා... ලෝ දිය මුට්ටිය සේරම හිඳිලා... අසුචී වළවල් ඔක්කොම වැහිලා... අපාය දැන් නම් හොඳටම පිරිලා... යම පල්ලන්ගේ වැඩ වැඩිවිලා... රජ්ජුරුවොත් දැන් හෙම්බත් විලා... මැරෙන මැරෙන අය මෙහෙ ඇවිදිල් ලා ... දඬුවම් දිලාම දැන් ඇතිවිලා... අනේ දෙවියනේ අපේ දුක දැකලා.... තවත් අපායක්... වෙනමම හදලා අනිත් නරයෝ ටික එහාට යවලා... පිහිට වෙන්න දැන් කියනෙමි වැඳලා....
Image
හිත වීදුරු බෝලයක්  මගේ හිත වීදුරු බෝලයක් ඒක ඉරි තලලා බිදිලා යයි කියලා බයෙන් පරිස්සම් කරන්න කියලා නුඹට දුන්නේ ඒ හිත ම0 ඒත් නුඹ ඒ හිත කුඩු කරලා ඒ විදුරු කටු ඇනගෙන අඬනවා ලේ පෙරාගෙන ඉතින් මට නුඹත් නෑ මගේ හිතත් නෑ
Image
පන්හිඳ කෙරවලක කඳුළු කැට අමුනලා නුඹ ලියු කවි වැළම එකින් එක කියවලා පන් හිඳේ ඒ කඳුළු නෙතු යුගේ තැවරිලා හඬනවා මම තාම පද අරුත සොය සොයා.. ..
ම0 මුලා වුනෙමි යථාර්තයේ... විසී කළෙමි ඈතට සිතුවිලි කඩා පොඩිකර... අසා සිටියෙමි හඬා නගා කෑ ගසන සත්‍ය... නෑ අවසානයක් නිමාවක් වියරුවෙන් මියගියෙමි...
ධරාණීපාත වර්ෂාවක්, සඳ තරු මල් විප්ලවයක්, හූල්ලන ගැහැනියක්, සියල්ලම කැටිකර පන්හිඳට පණ පොවන කවියෙක්.....