සබඳ පවසන්න පසක් කලේ යැයි නුඹ මට මෙය මුලාවක් බව..... මලක් නොවෙමි දැන් මම උස ගසක් මත සුපුෂ්පිත මිලින වී ගොස් බිමටම ඇද වැටුන මලක් වෙමි දැන් මම පෙතිද එකිනෙක ගිලිහුන එසේමුත් පවසන්න සබඳ මෙය මුලාවක් බව... මා දෙතොල් මත ඇදෙන සිනාවක් යළි යළිත් දැකිය හැකි නම් නුඹට මම නුඹෙන් අඩක් නොවනා බව ඉතින් පවසන්න සබඳ මෙය මුලාවක් බව... උමතු ස්තිර් යක හද මත වියරුවෙන් රටා කල ප්මයේ ගෙත්තම උනා දමා සැනෙකින්ම පවසන්න මට යළි යළිත් මෙය මුලාවක් බව... ගැහෙන නුඹ පපුව මත දිගා වී පෙරදින සුවඳ සොයමින් හිනැහුන මා දෑස් මතටම එබී බලමින් තව නුඹ ඉතින් පවසන්න මෙය මුලාවක් බව...