වෙන් වෙමු
සඳ දැන් අර මෝදු වෙලා හිනැහෙවී හොරෙන් බලා නෙතු බොඳ වී කඳුළු උනා හැර යන්නට නොහැකි වෙලා දෑස් මතට එබී බලා නුබේ රුව මා දැසේ සොයා මුමුනා නෙක මියුරු කතා සිරවි හද නතර වෙලා ගහ කොල වැල් නිහඬ වෙලා මල් නිදියයි අහක බලා ලොව උරනව බලන නිසා වෙන්වෙමු අපි සුවඳ තියා