Posts

Showing posts from 2013

හිස්ටිරියාව

ලය පැලී ගැහෙන විට මරණයට  සිනාසෙන  මට තාම හිස්ටිරියාව

හූදී ජන පහන් සුව පිණිස....

හූදී ජන පහන් සුව පිණිස  ගැහෙන හිත් කුට්ටිකර  වල දමා මිණි මල් පිපෙන්නට පෙර  ඒ සොහොන් කොත්වල මහතුනේ පෙළ ගැසී වරෙව් එක රෑනට මත් වෙලා සුවෙන් අපි ගයමුදෝ මරණයේ ගීතය හූදී ජන පහන් සුව පිණිස

ස්ත්‍රීය

Image

වෙරෝනිකා

Image

සංසාර දුක

Image

දඩිං බිඩිං ඩොං........

   කිරි කිරි කිරි     කිරි බෝලේ රැළි රැළි රැළි      රැළි මාලේ         මේ ළමයා        කොහෙන්දෝ පාවෙනකොට   ඇහින්දෝ                       කිරි මුට්ටිය ගඟේ ගියා                                        අඩන්නේ නෑ නේද පුතා                               ග ඟ ට උඩින් කොක්කු ගියා                                       අම්මා අරන් එන්න පුතා හාල් පතක් ගරාලා ආසනිකුත් දමාලා බත් ගුලි කර හදාලා කමු අපි ඇස් පියාලා... ඉහළ ගෙටත් එපාලු පහළ ගෙටත් එපාලු උසි කපුටෝ උසි....        නුඹේ අම්මත් රැවටුනාලු         නුඹේ අප්පත් රැවටුනාලු  අපි ඔක්කොම රැවටුනාලු දඩිං බිඩිං ඩොං........

මළකුණුත් රහ බැලීම

පණ  ගැහි මේ මාලු මැරුණු දා රළ වැදී රෑ පුරා කදුලු බිඳු  ලුණුරහට වී බැඳී විශගෝර සර්පයෝ හැව හලා ඇදි ඇදී මළකුණුත් රහ බලයි හීනෙනුත් සමවැදී

අපි වෙනුවෙන් අපි... මචං

රා වෙනුවට අපි ඔක්කොම බියර් බීලා දැන් ආතල් ගරු විදියට නේද මචං......

රාමනාදන් කොහිද

තල් වැටේ මායිමේ කඳුළු කැට සඟවලා අඳුරු පුර හඳ ඇවිත්  පිල් කඩට බරවෙලා සැඩ සුළo රැල් වැදී ජීවිතේ දියවෙලා රාමනාදන් අරන්  අඳුරැ සෙවනැළි ගියා ගුගුරුවා අහස් ගැබ ලේ කඳුළු වැටුන දා බිය වැදී තරු කැටත් හීතලෙන් ගැහුන දා කෑ ගසා ගිජු ලිහිණි ඉදිකඩින් පැන විදා රාමනාදන් අරන්  උන් කොහිද පියැඹුවා දකුණු අහසින් ඇවිත්  ඉර හිනා වෙයි අපිට පෑල දොරකඩ පිපෙයි මිණිමල් ඒ දුකට රත් වෙච්ච වැලි කැටත් රිදුම් දෙයි දෙපයට අහෝ දෙවියනි සොයන්  මගේ පුතා විගහට

සඳවති......

කටු පඳුරු උඩ වැටී මදාරා මල් පෙති උමතු වූ සිත බිඳී හඬනවද සඳවති   බොර දියේ රුව බිඳී සැලෙන කම්බුල් පෙති හීනෙන්ද බිය වැදී හඬනවද සඳවති   පැටළිලා රන් රිදී ජීවිතේ මඟ බිඳී ආදරේ දිය සිඳී හඬනවද සඳවති  

නුවර වීදි දෙගොඩතලා

නුවර වීදි දෙගොඩතලා කුණු ලේ රතු පාට වෙලා අහක බලා යන්නට බෑ   පිළි ගඳට පුරුදු වෙලා දේව රූප උඩු ගුවනින් බිම වැටිලා ඇස් අදහා ගන්නට බෑ   රෑ තිස්සෙට සුනඛ රංචු උඩු බුරලා හඳ කැඩිලා බිම වැටිලා හූල්ලන්න තනියෙන් බෑ   තැන් තැන්වල වැටී නටන සෙවනැලිවල ගෙළ සිඳලා පණ නහලා ඇවිත් යන්න පමා වෙන්න තව නම් බෑ