පුතුගේ අම්මා
වෑහෙන කඳුළු නෙත් අස්සේ ඔබාගෙන දාහක් බුදුන් වැඳලා හිස නමාගෙන පිහිටක් යදිමි දෙවියනි උඩ බලාගෙන කළකම් ඵලදේද සනුහරේ වේලාගෙන හිමි දහඩිය පුසුඹ දැනිලා ගෙට එන දාට වනයට ගියා දේවිත් ඵල නෙළන්නට මඟ වැරදුනා බෑ ආපහු හැරෙන්නට රාහුල පුතුණි නාඬන් අපි කල පවට හිමිදිරියේම හිරු අහසේ පායනවා පුතුගේ මුහුණ විස්සෝපෙන් මැලවෙනවා හතේ කෝච්චිය දැන් දැන් ලන් වෙනවා නාඬන් පුතුණි අම්මා අඳුරෙම එනවා ගෙවිලා උපාධිය අත්තම්මා දුන්න යන්නේ කොහිද මල්ලේ පොල් නම් මෙන්න හිමි රජ උනත් බැහැ දුක තනියෙන් ගන්න පුතුනේ ඉතින් නාඬා දැන් ගෙට වෙන්න