Posts
Showing posts from December, 2014
සිහින මියයාම
- Get link
- X
- Other Apps
පාන්දර වෙනකොට හිරු ඇහැර හනිකට තට්ටු කරමින් කවුළුව ළඟ විරිත්තනවා හොඳටම දෑස් නෑරම නිදිබර හිදිත් සයනය මත සියත් කැළ නද කර කුමට ඔතරම්ම ඔච්චම තප්පරෙන් තප්පර ගෙවෙනකොට කාලය ඔරලෝසු කටු උලෙන් තද කොට අනිනවා මේ පපුව මැද්දට දුටු සිහින සියල්ලම එක්කොට ඇන තබා ඉන්නවා තොටුපොල ලඟ ඔරු පාරු කිසිවක් ද නොයෙනවිට සරණෙට කඳුළු වැල් ඉහිරිලා ඇඬෙනවා එතකොට