Posts

Showing posts from 2018

නුඹ හට

නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක   ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට