Posts

Showing posts from March, 2015

එකම එක වෘක්ෂයක්

විවිධ වූ රුක් මතින් රිසි වූ බොහෝ සේ අතු ඉති පමණක්ම ගෙනවිත් සවිකරන් විසල් බාහුවකට තනන්ට හැකි නම් එකම එක වෘක්ෂයක් නෙක පැහැයෙන් වුවද පිපේවි මල් හැමකල් පෙම් බදිනු හැකියි එකල්හි බොහෝ කල්

සිත

පලා සත්කඩකට පොළෝ තල ඉකිලන වරා මල් ගුලි කර තලාලමු අතු ඉති මත මලානික හදවත දුර ගොසින් විසිකර පුරා සඳ තනියට තරු එවමු ගෙළ සිඳ විදා නෙත් රතු වුන හඬා කඳුලැල් එම වළාවක මුසුකර තබා එමු ගොළු අහසක