කියාපන් කුවේනි...
අන්ධකාරේ ඈත පර මලක් තියාගෙන සොහොන් කොත පාමුල රැහැය් හඬ අසාගෙන ඉන්නවද කියාපන් කුවේනි.... ගිනි අරන් කැණි මඩල අලු වෙච්ච දා හීන පිළිකන්න දොර ගාව මිණි මල් පිපුනාද කියාපන් කුවේනි... මනමේද අතහැර වැදි රජුන් සරණ කොට අසිපතෙන් තී ගෙළම සිඳගෙන දිසාලා අතහැර ගියේ ඇයි දැයි කියාපන් කුවේනි... අදර බැති නොමදෙන රජු ගියා අභිසරු ලියන් වෙත ඉදිකඩත් පැන ඇවිත් එතකොට ගල් ගසා රැහේ උන් යනකොට සරා සඳ පාමුල වැටී ලේ හලමින් ඉකිගසා හැඬුවේද කියාපන් කුවේනි.... දරාගනු නොහැකිව දුක තබා ගුලිකොට ඒ ලොවින් පැනගෙන දෙව්ලියන් ළඟ හිඳ දිසාලා නළවන්න මිහිරි ගී ගයනවද කියාපන් කුවේනි...