මළකුණුත් රහ බැලීම Get link Facebook X Pinterest Email Other Apps - June 10, 2013 පණ ගැහි මේ මාලු මැරුණු දා රළ වැදී රෑ පුරා කදුලු බිඳු ලුණුරහට වී බැඳී විශගෝර සර්පයෝ හැව හලා ඇදි ඇදී මළකුණුත් රහ බලයි හීනෙනුත් සමවැදී Get link Facebook X Pinterest Email Other Apps Comments
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
Comments
Post a Comment