අකාසේ තරු නිවිලා
සඳවතියත් සැඟවිලා
අඳුරු වළා කැටි අස්සෙන්
රිදී පාට ඉරි වැටිලා....
බින්දු බින්දු පොද වැටිලා
රත් වුනු වැලි කැට තෙමිලා
ගහ කොල මල් පිබිදිලා
වැස්ස ඉතින් දැන් වැඩලා...
දොස් අහලා
දෙස් වැදිලා
කර්කෂ වූ හද දැකලා
දැවෙනා ගිනි නිවාලන්න
ඇවිදින් අද නැවුම් විලස...
ඇස්වලට විවේකයක් දෙන්න.....වලකුලක් ඇවිත් වසාගෙන හඳ......
ReplyDeleteතරු නිවිලා අදුරු වෙලා
ReplyDeleteසරා සදත් නිහඩ වෙලා
පාලු අහස දෙසම බලා
සිතක් හඩයි කදුලු සලා
වැස්ස වැටෙයි පොළව තෙමෙයි
කදුලු බිංදු සේදිල යයි
අලුත් හෙටක් ලගදිම එයි
එදිනක නුඹ යළි හිනැහෙයි....
අපූරුයි...
ReplyDeletelasanam lasanai
ReplyDeleteහ්ම්...ලස්සනයි...
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි හැමෝටම
ReplyDeleteThis is the same sky again
ReplyDeletewhich we had on that day....
Now it is wrapped with romantic blue robe....
Flowers are blooming and dancing
with cold wind in the spring....
Even though birds are singing poems of love.............
Spring of our hearts
are not ended yet............
වැස්සත් බණින
ReplyDeleteනොවැස්සත් බණින
මනුස්සයා වර්ගයාට
නැවත නැවතත්
ජීවිතය දෙන්න
ඇවිත් නුඹ
වැස්ස,,,,,,
(ලස්සනයි ඔයාගේ කවි සිතුවිල්ල)