Posts

පටාචාරා වැළපුම

සිටු මහල් ප්‍රසාද දොරකට බoකුවක ඇන තබා තුරුළුකර දෑත් උණුහුමට වැළපෙන්නේය අද පටාචාරාවක්ම ලෙස නිවුනු දර සෑයේද දුමත් නැත  ගොහින් නම් හුඟ දුර ඇසේ දෙසවන තව මියුරු වදනින් තෙපලු අමරස නිළුපුල් දෙනෙත් මත දිළිහෙන්න ඉඩ ලදත් කඳුළු කැට අද අමතකද සඳ නැඟුණු එක රැයක මා දෙනෙත් මත එබී නුඹ සෙවූ නුඹේ රුව දුර ගොසින්  උයන් කොන නෙළු පරසතු මලද ඔය පෙර දිනක සුවඳ දුන්  මේ මල පරවෙලා වැටී අද පය මුල   කළුකරන් මුළු අහස ගිගුම් දුන් හෙන හඬට  බියවෙල සාපැටව් නිදත් අද ලඟ හිඳ උරන වී නොයාවිද උනුත් නුඹත් නැතිකල හෙට

බලන් සිරි

නිල් කඳු වැටි පෙළින්      මිදී දුහුල් වළා සෙමින්           ඇදී ඝන මීදුම් සළුව                ඉරී එබෙයි හිරුත් ලෙසින්       රිදී නාඹර හිරු කිරණ            වෙලී පිබිදී මල් පෙමින්           සැලී තවරා ගෙන සුවඳ             පොදී නළඟන යයි සෙමින්      ඇදී සීතල පිනි බිදිති                  හැලී මදහස දෙතොලඟින්         ලිහී ඇහැරි නෙත් සෙනෙහෙ   පිරී තවරයි මුව හාදු                රැලී
ගඟක් වේ නම් ගලා ගෙන යන සයුර නුඹ වෙයි නමක් නොඅසන සඳක් වේ නම් රැයේ සුපිපෙන අහස නුඹ වෙයි රැයම නොපතන මලක් වේ නම් සුවඳ විහිදෙන සුළඟ නුඹ වෙයි පාට නොසොයන මට මාව වෙන්නටම ඉඩ හැර ලෝකයම නුඹ වෙයි ආදරේ මායිමක් නොමැතිව

ගුවන් පාලම

පාට ගා                අවුරුදුත් බෝ කොළත්                 දළු ඇවිත් සිලි සිලිත්                     හඬ ඇසෙත් නෑ සිසිල් මද පවන්                  එනමුදුත් පාලමෙන් උඩ ඇවිත් කවුළුවෙන් බිම බලත් දෙනෝ දාහක් තුළ දෙනෙත් මුලා වෙයි සිත තවත්

අකීකරු සුළඟ නුඹ...

රෑ පාට හීන වල තවරාන මුදු සුවඳ නිදන මල් පෙති සිඹින අකීකරු සුළඟ නුඹ... නිහඬ ගහ කොළ එතෙන සෙවනැලිත් දඟ කරන සුවඳ සුසුමන් ගෙනෙන අකීකරු සුළඟ නුඹ... දිලෙන තරු කැට නිවන සඳට පාටක් ගෙනෙන හිරුට පණිවිඩ කියන අකීකරු සුළඟ නුඹ...

ආදම් සහ එවා

ආදම්...... රැවටෙන්න නම් එපා මම  එවා නෙවෙයි හැමදාම මේ උයනේ මුණ ගැහුනට

බිඳිමි ගල් ලෙන

විශල් තුරු හිස් බිඳි වන මැද දුවයි සාවුන් දැනී මර  බිය හිවල් කොටි ඒ රුදුරුසෙන් මැද බියෙන් හැකිළි ඉඳිනු කෙලෙසක සිoහභාහුත් නිදයි දුක මැද මුදු කොමළ බස් නනගනු කෙලෙසද ලෙන් දොරෙන් පිට නොගොස් පිය තුම රැඳෙනු නොහැකිය ගල් ලෙනේ මට